ඇප මත සිටින ඇමති ජයකොඩි අස්වෙනවාද.. නැද්ද.. ලොකු සංවාදයක්..
මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා ඇප මත මුදාහැර සිටින බලශක්ති අමාත්‍ය කුමාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයන් අතර දැඩි සංවාදයක් මතුව ඇතැයි වාර්තා වේ.එක් පාර්ශවයක් පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු වී ඇති බැවින්, නඩු තීන්දුවක් ලැබෙන තෙක් හෝ සාධාරණ කාලසීමාවක් යනතුරු ඔහු ධුරයෙන් ඉවත් විය යුතු බවයි. එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හා වින
