ගාල්ල තෙලිකඩ ද්විත්ව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට.
පොලීසිය පැවසුවේ, පවුල් ආරවුලක් මත ඔහු එම ඝාතන සිදු කර ඇති බවයි.අද(03) උදෑසන පොලීසියට ලැබුණු තොරතුරක් මත කළ පරීක්ෂාවකදී නිවසක ආලින්දයේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි 74 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් හා නිවස පිටුපස තාවකාලික මඩුවක ඇඳක් මත කැපුම් තුවාල සහිතව මියගොස් සිටි 34 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනුණි.තාවකාලික මඩුව අසල කැපුම් තුවාල සහිතව බරපතල තත්වයේ සිටි කාන්තාවක් කාරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කෙරු අතරපොලීසිය පැවසුවේ, ඝාතනයට ලක්වී ඇත්තේ නිවසේ සිටි මව සහා ඇගේ දියණියගේ බෑනා බවයි.බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණේ මියගිය කාන්තාවගේ දියණියයි.නිවසේ සිටි 17 හැවිරිදි පිරිමි දරුවෙකු අදාළ ඝාතන සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබා තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු බරපතල තුවාල ලැබූ කාන්තාවගේ දියණියගේ බෑණා වන අතර ඔහු යුධ හමුදාවේ හිටපු සෙබළෙක්.35 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.
-613683.jpg)