ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ
දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර ඇත්තේ, ගොවි විශ්‍රාම වැටුප්ලාභීන් සඳහා දෙසැම්බර් මාසය පුරාම වැඩකරන දිනයන්හි අදාළ තැපැල් කාර්යාල හෝ උප තැපැල් කාර්යාල මඟින් ලබාගත හැකි බවය.
