මෙක්සිකෝවේ ප්‍රබල භූමිකම්පාවක්
මෙක්සිකෝවේ රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු සහ මධ්‍යම මෙක්සිකෝවට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. භූමිකම්පාවේ කේන්ද්‍රය ගුවෙරෙරෝ හි සැන් මාකෝස් නගරය අසල පැසිෆික් වෙරළබඩ නිකේතනයක් වන ඇකපුල්කෝ අසල පිහිටා තිබෙනවා. මෙක්සිකෝ ජාතික භූ කම්පන විද්‍යා ඒජන්සිය සඳහන් කරන්නේ [...]
