පළමු මාස 6න් පසු ජල ගාස්තුවේ සංශෝධයක් සිදුවෙයිද ?
ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේද නැතිද යන්න එළැඹෙන ජුනි 30 වැනි දින සමාලෝචනය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේද නැතිද යන්න එළැඹෙන ජුනි 30 වැනි දින සමාලෝචනය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
ගාස්තු සංශෝධනයක් සිදුවන්නේද යන්න පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජල ගාස්තුව සඳහා විදුලි බිල වැඩිවීම යම් බලපෑමක් සිදුකරනු ඇති බවත් එය ඉතා අවම බලපෑමක් වන බවය. කෙසේ නමුත් ජූනි 30 අවසන් සමාලෝචන තීරණය ප්‍රකාශයට පත්වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා එහිදී ජල ගාස්තුවේ සංශෝධනයක් සිදුවන්නේද නැතිද යන්න ප්‍රකාශයට පත් කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා