අමෙරිකාවේ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන්
අමෙරිකානු ඉතිහාසය තුළ එරට රජයක් මුහුණපෑ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන්කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු සංශෝධිත වියදම් කෙටුම්පතකට අමෙරිකානු කොංග්‍රසයේ අනුමැතිය හිමිව තිබේ.
අමෙරිකානු ඉතිහාසය තුළ එරට රජයක් මුහුණපෑ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන්කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු සංශෝධිත වියදම් කෙටුම්පතකට අමෙරිකානු කොංග්‍රසයේ අනුමැතිය හිමිව තිබේ.
අනතුරුව ඒය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය සඳහා යොමු කෙරුණු අතර ඊට ඔහුගේ අත්සන හිමිවීමත් සමඟ රජයේ වියදම් අකර්මණ්‍යවීම අවසන් විය. ඒ අනුව 670, 000කට ආසන් රජයේ සේවකයින් අනිවාර්ය නිවාඩු යවා ඇති අතර තවත් 730, 000කට අධික පිරිසකට වැටුප් නොමැතිව සේවයේ යෙදීමට සිදුවූ බව සඳහන් වේ. එම කාලය තුළ 20,000කට අධික ගුවන් වාර සංඛ්‍යාවක් අවලංගු වීම සහ ප්‍රමාද වීම් ද සිදුවූ බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත