“Ceylon King Coconut Village” ජාතික වැඩසටහන ආරම්භ කෙරේ
ශ්‍රී ලංකාවේ තැඹිලි වගාව නව මඟකට යොමු කරමින් නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීම සහ තැඹිලි ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීම අරමුණු කරගනිමින් "Ceylon King Coconut Village" ජාතික වැඩසටහන ඊයේ (02) කුරුණෑගල පොල් වගා කිරීමේ මණ්ඩලයේ මහායාය වතු පරිශ්‍රයේදී ආරම්භ කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.
