ජාතික කලාභවනේ අතුරුදන් වූ චිත්‍ර 42 ගැන සොයන්න අමාත්‍යාංශයෙන් කමිටුවක්
2015 වසරේදී, භාණ්ඩ සමීක්ෂණය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවකට අනුව ජාතික කලාභවනේ පැවති චිත්‍ර 42ක් අස්ථානගතව ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී යි. තොග පොතෙහි සඳහන්ව චිත්‍ර සංඛ්‍යාව 281ක් බවත්, කලාභවන තුළ භෞතිකව චිත්‍ර සංඛ්‍යාව 239ක් බවත් එම වාර්තාව [...]
