ජී.එල් ට අල්ලසෙන් කැඳවීමක්
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් කැඳවීමක් කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් කැඳවීමක් කර තිබේ.

පීරිස් මහතාට හෙට (20) පෙරවරු 9.00ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඒ, ඔහු විදේශ අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ පැවැත්වූ රැස්වීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව බව සඳහන් වේ. අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස ඔහු කැඳවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு