3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කතානායකට ලොකු සැනසීමක්.. විශ්වාස භංගය දින නියමයක් නැතිව කල් යයි..
කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම නෛතික බාධාවක් හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ. කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් නගා ඇති ඇතැම් චෝදනාවලට අදාළ නඩුවක් ලබන නොවැම්බර් මාසයේදී අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබීම මෙම තත්ත්වයට ප්රධාන හේතුව වී තිබේ.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීන්දු වී ඇත්තේ, අධිකරණය හමුවේ පවතින එම නඩුව අවසන් වන තුරු මෙම විශ්වාසභංග යෝජනාව සභාව තුළ සාකච්ඡාවට නොගැනීමටයි. අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ කරුණු පාර්ලිමේන්තුවේදී විවාදයට නොකළ යුතුය යන සම්ප්රදායික නෛතික මූලධර්මය අනුව යමින්, මෙම විශ්වාසභංග යෝජනාව කල් දැමිය යුතු බව ආණ්ඩු පක්ෂයේ මතය වී ඇත.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
