2026 වසරේ ආදායම් ඉලක්කය අභිබවා රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කළ ශ්රී ලංකා රේගුවට රජයේ විශේෂ ස්තූතිය
2026 වසර සඳහා ශ්රී ලංකා රේගුවට ලබාදී තිබූ රුපියල් බිලියන 2,207ක ආදායම් ඉලක්කය අභිබවා ඔක්තෝබර් 13 වන විට රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කිරීමට සමත් වීම වෙනුවෙන් සියලු රේගු නිලධාරීන්ට සහ සහායක සේවා නිලධාරීන්ට කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතා විශේෂ ස්තූතිය පිරිනමා තිබේ.
