අනුරාධපුර රෝහලේ වෛද්යවරියකට සිදුකළ බරපතළ ලිංගික අපරාධය: වෛද්යවරියගේ සාක්ෂි විමසීම අවසන්
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකරුට එරෙහිව දැනට පවතින අධිචෝදනා 2ට අමතරව තවත් අධිචෝදනාවක් ගොනු කරන බව ය. ඒ අනුව වෛද්යවරියට අස්වාභාවික ලිංගික හිංසන සිදු කළ බවට දණ්ඩ නීති සංග්රහයේ 364 2 (අ) වගන්තිය ප්රකාරව තවත් අධිචෝදනාවක් ද ගොනු කෙරිණි.
