රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේ පත්වේ
- ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස තිළිණ මධුසංක නිතරගයෙන් තේරී පත්විය.ඒ, කිරිවෙහෙර රාජ මහා විහරස්ථානයේ සහ ශ්‍රී අභිනවාරාම විහරස්ථානයේ යෝජනා ස්ථීරත්වයෙනි.තිළිණ මධුසංක මේ වන විට දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ ලෙස කටයුතු කරන අතර පසුගිය මාස තුන තුළ ඓතිහාසික රුහුණු කතරගම මහා දේපාලයේ වැඩබලන බස්නායක නිළමේ ලෙස කටයුතු කළේ ය.එම නිලවරණය , මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිශාන්ත සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී.සේනාරත්නගේ ප්‍රධානත්වයෙන්ය.
-605438.jpg)