කේරල ගංජා තොගයක් සමග ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකු කොටු
- යාපනය, නල්ලූර් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු කේරල ගංජා කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම්800 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල් අරුසු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.පොලීසිය සඳහන් කළේ, අද උදෑසන මන්ත්‍රිවරයාගේ නිවසේ තිබියදී කේරල ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි.මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
