පානීය ජල නළ පද්ධතියක් විනාශ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් නගරයට සහ කැම්පියන් වතුයායේ පහළ කොටසට පානීය ජලය සැපයෙන ප්‍රධාන ජල නළ පද්ධතිය ස්ථාන කිහිපයකින් හානිකර කඩා විනාශ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් නගරයට සහ කැම්පියන් වතුයායේ පහළ කොටසට පානීය ජලය සැපයෙන ප්‍රධාන ජල නළ පද්ධතිය ස්ථාන කිහිපයකින් හානිකර කඩා විනාශ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ජල පද්ධතිය මගින් කැම්පියන් නගරයේ වෙළෙඳසැල් වෙත සහ වතුයායේ පහළ කොටසේ පිහිටි නිවාස සඳහා පානීය ජලය ලබාදීම සිදු කෙරේ. ඊයේ (27) රාත්‍රියේ සිදුවූ මෙම විනාශකාරී ක්‍රියාව සම්බන්ධයෙන් කැම්පියන් නගරයේ වෙළෙඳුන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, බගවන්තලාව පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වතුයායේම පදිංචි තරුණයන් දෙදෙනෙකි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன