රටම එකට ජාතික මෙහෙයුම අද තංගල්ලේදී
"රටම එකට" ජාතික මෙහෙයුම අද දින තංගල්ල, අම්පාර, මිහින්තලේ සහ කල්පිටිය යන ප්‍රදේශවල පැවැත්වීමට නියමිතයි. මෙම කඳවුරුවලදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් දින 14ක් විෂ හරණය කිරීමකට භාජනය කෙරෙන අතර, ඉන් අනතුරුව ඔවුන් ප්‍රධාන පුනරුත්ථාපන කඳවුරු වෙත යොමු කිරීමට සැලසුම් කර ඇත. විෂ හරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන විශේෂ කණ්ඩායම් කිහිපයක් මේ දිනවල පුහුණු කරමින් සිටින බව [...]
