විනිසුරුවරුන් විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම ගැන අධිකරණ සේවා සංගමය ජනපතිට දැනුම් දුන්නේ කුමක් ද?
විනිසුරුවරුන්ගේ විශ්‍රාමයෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සාමාජිකයින්ගේ මතය විමසීම සඳහා ඉකුත් ජූලි 11 වැනිදා විශේෂ මහා සභා රැස්වීමක් පැවැති බවත්, එම විශේෂ මහා සභා රැස්වීම අතරතුර අදාළ කාරණාව සම්බන්ධයෙන් සාමාජිකයන්ගේ මතය දැන ගැනීම සඳහා රහසිගත ඡන්ද විමසීමක් පැවැත් වූ බවත් ජනාධිපතිවරයාට එම ලිපියෙන් දැනුම් දී තිබේ. එම රහසිගත ඡන්ද විමසීමේදී සියලුම සාමාජිකයන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඒකමතිකව සිය විරුද්ධතාවය ප්‍රකාශ කර ඇතැයි ද දැනුම් දී ඇත.
