2027 දී ලිට්‍රෝ වෙත එල්.පී.ජී. සැපයීමට තෝරාගත් ආයතනයට කැබිනට් අනුමැතිය
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත එල්. පී. ජී. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) මෙට්‍රික්ටොන් 420,000 (±20%) ක ප්‍රමාණයක් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබෙනවා. ඒ සඳහා ලංසු 04 ක් ලැබී ඈති බවයි අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුණේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් [...]
