නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්
විපතට පත් ජනතාව මුදා ගැනීම, සහන සැලසීම සහ යටිතල පහසුකම් සංවර්ධනයේදී සියලු පාර්ශ්වවල කැපවීම හේතුවෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන බව ප්‍රකාශ කළජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වේගයෙන් ඉදිරියට ගෙන යාම සහ නැවත මෙවන් ව්‍යසනයක් ඇතිවීම වළක්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන සැලසුම් සකස් කිරීමේදීද සියලු පාර්ශ්වවල සහාය අපේක්ෂා කරන බව පැවසීය.
