ජනපති අනුර නේපාලයට ශෝකය පළ කරයි
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදුවූ ඛේදජනක ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය පළකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
