රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට බලපෑ කරුණු 3ක් CIDය අධිකරණයට දැනුම් දෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සැකකරුවකු වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් කරුණු තුනක් අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (මාර්තු 11 වැනිදා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ, සැකකාර සුරේෂ් සලේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමිනි.
