රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ්..
- පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා දූෂණ චෝදනා මත අද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය. ගමනාගමන කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කල කාලසීමාවේ රේණුක පෙරේරා නිසි ක්‍රමවේදයෙන් බැහැරව අධිවේගී මාර්ග බලපත්‍ර 56 ක් ලබාදී ඇතැයි චෝදනා එල්ල වනවා. අධිකරණයට ඉදිරිපත් කළ ඔහු සැප්තැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම හමුවට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ සැකකරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා බලපත්‍ර පනස් හයක් වාර්ෂික ගාස්තු එකවර අය කර ගැනීමකින් තොරව නිකුත් කර ඇති බවයි.
