රජයෙන් සාධනීය විසඳුම් නොලැබීම නිසා GMOA සිය වෘත්තීය ක්රියාමාර්ග තීව්ර කරයි
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ හදිසි රැස්වීමක් අද (31) පෙරවරුවේ පැවැත්වුණා. ඉකුත් 26 වැනිදා එම සංගමය රැස් වීමෙන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් සහ ගැටළු සම්බන්ධයෙන් සාධනීය විසදුම් ප්රකාශ කිරීම සඳහා සෞඛ්ය අමාත්යවරයාට පැය 48ක කාලයක් ලබා දුන් අතර අඛණ්ඩ වෘත්තීය ක්රියාමාර්ගයක්ද ආරම්භ කළා. කෙසේ වෙතත් සෞඛ්ය අමාත්යවරයා විසින් පැය 48ක කාලයක් තුළ එලෙස සාධනීය විසදුම් [...]
