ත්‍රීරෝදරථයක් මතට ගසක් වැටී වූ අනතුරෙන් අයෙකු මරුට
පොලීසිය පැවසුවේ , 38 හැවිරිදි ත්‍රීරෝද රථයේ රියදුරු එලෙස මියගොස් ඇති බවයි.අනතුරින් තුවාල ලැබූ තුන් දෙනෙකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුලත් කර තිබේ.වයස අවුරුදු 57 ක පුද්ගලයෙක්, 48 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු දෙක හමාරක ගැහැණු දරුවෙකු එලෙස රෝහල් ගතකර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.මේ අතර, පොලීසිය පැවසුවේ, එම විශාල ගස ඉවත් කරන තෙක් රඹුක්කන - මාවනැල්ල මාර්ගය තලගොල්ල තාවකාලිකව වසා දමා ඇති බවයි.විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.
-604472.jpg)