ක්‍රිෂ් නඩුවට ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුව සම්න්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව එම ක්‍රිෂ් ට්‍රාන්සර් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයන් දෙදෙනෙකු වන ඉන්දීය ජාතික අමිත් කට්ටයාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාත් ගුප්තා යන අයට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ ඉල්ලා සිටියා. ඒ, සිද්ධියට අදාළව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියකු අධිකරණයේ සාක්ෂි කුඩුවේදී [...]
