ඉන්දියාවේ දුම්රියක වනඅලි රංචුවක් ගැටී අලි හතක් මරුට (වීඩියෝ)
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ හෝජායිහිදී දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් අලි ඇතුන් හත්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. සයිරං-නවදිල්ලි රාජ්ධානි එක්ස්ප්‍රස් දුම්රියේ එම වන අලි රංචුව අද (20) අලුයම ගැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මෙම අනතුරත් සමඟ දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි පහක් පීලි පැනීමට ලක්ව ඇති අතර, ඉන් කිසිදු මගියෙකුට හානි හෝ තුවාල [...]
