ලකුණු 430ක් හඹාගොස් ශ්රී ලංකාව ලැබූ ලොව මවිත කළ ජය: මෙම තරගය ඓතිහාසිකව වැදගත් වන්නේ ඇයි?
නව තරග වාර්තා රැසක් සමගින් ශ්රී ලංකාව අද (ඔක්: 22) එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඓතිහාසික එක්දින තරග ජයක් වාර්තා කළේ ය. මෙම ජයග්රහණයත් සමග එක්දින ජාත්යන්තර ක්රිකට් ඉතිහාසයේ දෙවන ඉහළ ම ලකුණු හඹා යාමේ වාර්තාවට හිමිකම් කීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්රී ලංකාව සහ එංගලන්තය අතර පැවති මෙම තරගය, එක්දින ඉතිහාසයේ කණ්ඩායම් දෙකක් එක්ව රැස් කළ දෙවන ඉහළ ම ලකුණු සංඛ්යාව වන ලකුණු 859ක් වාර්තා වීම හේතුවෙන් ද විශේෂත්වයකි.
