3 ஊடகங்கள்
සජබ ජාතික ලැයිස්තුවෙන් මරික්කාර් මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි
නෙයියාතම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් අද (05) පෙරවරුවේ කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නා. සමගි ජන බලවේගය (සජබ) පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා මොහොමඩ් තාහීර් නම් කිරීමටයි එම පක්ෂය කටයුතු කර තිබුණේ.
