8 ஊடகங்கள்பிரபலமானவை
යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනපති එක් වෙයි
අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්රවේශ මාර්ග ප්රතිසංස්කරණය කිරීම, බැතිමතුන්ට සහ දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්ය පහසුකම් වැඩිදියුණු කිරීම, කසළ කළමනාකරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ක්රියාත්මක කිරීමට අදාළ අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ එක් විය.
