මීගමුව බන්ධනාගාර ගැටුමේ තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික රෝහලට
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා ශ්‍රී ලංකා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (07) පස්වරුවේ ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත පැමිණියේය.
