3 ஊடகங்கள்
බංග්ලාදේශයේ ඉල්ලීම නිසා 20-20 ලෝක කුසලානය අවුල් ජාලාවක
බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින්, බංග්ලාදේශය තරගවදින තරග ඉන්දියාවෙන් වෙනත් ස්ථානයකට ගෙන යන ලෙස සිදුකළ හදිසි ඉල්ලීමෙන් පසු 2026 විස්සයි විස්ස ලෝක කුසලානය අවුල් සහගත තත්ත්වයකට ඇද වැටෙමින් පවතිනවා. තරඟාවලිය ආරම්භවන පෙබරවාරි 07 වන දිනට මාසයකට පමණ පෙර මතුවූ මෙම අර්බුදය, ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා තෝරාගෙන සිටි බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන්ගේ කොන්ත්‍රාත්තුව අවලංගු [...]
