කටුනායක පැමිණීමේ පර්යන්තයේ මුදල් හුවමාරු කවුළු ගැන කැබිනට් තීරණයක්
මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීම පිණිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙස තුළ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් වශයෙන් පැමිණීමේ පර්යන්තය නැවත සකස් කිරීමේදී එහි ක්‍රියාත්මක වූ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු වෙනත්...
