කප්තුරු සවිය වැඩසටහන යටතේ පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදාහැරිමේ වැඩසටහනක් අම්පාහ උහනදී
දිළිඳුබව අවම කිරිමේ අරමුණින් සහ පොල් වගාව රට පුරා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අතර පසුගිය දා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට අනුව ගෙවතු පොල් වගාවට පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පසුගියදා (09) දින සිදු කරන ලදි.
