ඩිජිටල් අනාගතය සුරක්ෂිත කිරීමේ ගෝලීය සංවාදයට ශ්‍රී ලංකාව එක්වෙයි
චීනයේ ෂැන්හයි නුවර පැවති "MWC Shanghai 2026" ජාත්‍යන්තර සමුළුවට සමගාමීව, ආසියා-ශාන්තිකර (APAC) කලාපයේ ඩිජිටල් ආරක්ෂාව තහවුරු කිරීම සහ වර්ධනය වෙමින් පවතින මූල්‍ය වංචා හා කූටෝපායන්ට (Scams and Fraud) විසඳුම් සෙවීම අරමුණු කරගත් විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් ඊයේ(25) ෂැන්හයි නුවරදී පැවැත්විණි.
