වසරේ පළමු මාස දෙක තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි
2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි. 2025 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 548.1ක් ලෙස වාර්තා වී තිබුණි. ඒ...
