අමෙරිකා සහ ඉරාන ගැටුම් නිසා යළි ලෝක බොරතෙල් මිල ඉහළට
මැදපෙරදිග යුද උණුසුම ඉහළ දමමින්, අමෙරිකාව සහ ඉරානය ගැටුම් යළි උත්සන්න වෙමින් පවතින වාතාවරණයක් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, අද (02) දිනයේ දී ලෝක වෙළඳපොලේ 'බ්‍රෙන්ට්' (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 96කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය සතියේ [...]
