2 ஊடகங்கள்
නීති විරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදු කළ අයෙක් අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි 52 හැවිරිදි පුද්ගලයෙකු තණමල්විල, බටුවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සූරියආර ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කැණීම් උපකරණ ද සමඟ පොලිස් භාරයට ගත් බවයි තණමල්විල පොලීසිය සඳහන් කළේ. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන තණමල්විල පොලීසිය මඟින් සිදු කරන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
