2 ஊடகங்கள்
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු කුලතුංග මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ඊයේ (10) දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු මෙම දිවුරුම් දීමේ අවස්ථාව සදහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද එක්ව සිටියා.
