විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගය අවසන්: තීන්දුව දින නියමයක් නොමැතිව කල් තබයි
යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනා සම්බන්ධයෙන් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තමන්ට නියම කර තිබෙන මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් 09 දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන අභියායචනා පෙත්සම්වල තීන්දුව ලබා දීම ශ්‍රේෂ්ඨාධිකරණය දින නියමයක් නොමැතිව කල් තබා තිබේ.
