2 ஊடகங்கள்
මහ මෝලුන්ට තරු පෙන්නයි.. සම්බා, කීරි සම්බා රටින් ගෙන්නයි..
2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා මුළු නිෂ්පාදනය මෙරට එම සහල් අවශ්‍යතාව සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත්, 2026 මැයි මාසයේ සිට එම සහල් වල උග්‍ර හිඟයක් ඇති විය හැකි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යාවත් කාලීන තොරතුරු මත පදනම්ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පෙන්වා දී ඇත.
