විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ඇරඹේ
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ එම ප්‍රදේශයේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, විමලසුරේන්ද්‍ර ජලාශය මේ වන විට වාන් දැමීම ආරම්භ කර තිබෙනවා. පසුගිය දින කිහිපය පුරා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශ වෙත ලැබෙන ජල ප්‍රමාණය ඉහළ යාමත් සමඟ ජලාශවල ජල මට්ටම්ද [...]
