2 ஊடகங்கள்
හෙට දිනයේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට (04) දිනයේ දී වියලි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු - මැද පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල හෙට (04) අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
