රාජ්‍ය විශ්වවිද්‍යාලවල නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමට 2026 අයවැයෙන් රුපියල් මිලියන 1500ක්
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා 2026 අයවැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 1500ක් සහ දැනට පවතින නේවාසිකාගාර පිළිසකර කර නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 853ක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (08) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළාය.
