කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ - ජනපති
මහජනතාවගේ දේපොළ සොරකම් කරමින් වංචා දූෂණ සිදු කළ අයට දඬුවම් ලබා දීම මේ රටේ පොදු ජනතාවගේ අපේක්ෂාවක් වූ බවත්, වත්මන් ආණ්ඩුව එම පොදුජන අපේක්ෂාවට පණ පොවන ආණ්ඩුවක් බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා, කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නිසි පරිදි නීතිය හමුවට ගෙන ඒමේ වගකීම ඉටු කරන බවත් අවධාරණය කළේය.
