මුහුද යට අන්තර්ජාල කේබල් කපා හරින්න ඉරානය සූදානම්.. ලෝකය ගල් යුගයට..
ඇමෙරිකා එක්සත් ජනපදය සමග යළිත් යුද ගැටුමක් හටගතහොත් මැදපෙරදිග කලාපයේ පිහිටි දත්ත මධ්යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති සහ කෘත්රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්යස්ථාන ඉලක්ක කර ප්රහාර එල්ල කරන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර ඇතැයි 'අල් ජසීරා' පුවත් සේවය වාර්තා කරයි. ඉරාන ආරක්ෂක ප්රධානී මොහ්සෙන් රෙසායි විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ, රතු මුහුදු තීරයේ තීරණාත්මක මුහුදු මාර්ගයක බලය ඉරාන හිතවාදී හූත
