ජේලර්ලා වට කරං ශිරන්ති ඇස් රෝහලට ගෙනේ..
රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවන හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විශේෂ වෛද්ය පරීක්ෂණ සහ ප්රතිකාර කිහිපයක් සඳහා අද (09) දින කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත යොමු කර තිබේ. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්යයේ ඇය මෙලෙස අක්ෂි රෝහල වෙත රැගෙන විත් ඇති බව වාර්තා වේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත්තේ වි
