එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ චෙන්නායිවල දී සිදුවූ මූල්‍ය අක්‍රමිකතා ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් නිවේදනයක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ආයතනයකට සිදුකළ මුදල් ගෙවීම සහ සමාගමේ චෙන්නායි කාර්යාලයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පළවන වාර්තාවන් ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගම කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මඟින් ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසන්නේ, ඩුබායි හි පිහිටි සේවා සපයන ආයතනයක නිල ඊමේල් ගිණුම තෙවන පාර්ශවයක් විසින් වෙනස් කර ඇති බවයි. ඒ අනුව [...]
