ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේදී ශ්‍රී ලංකාවට
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තරගාවලිය දෙසැම්බර් 15, 18 සහ 20 යන දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, මෙම තරග තුනම 2025-2029 අයිසීසී කාන්තා ශූරතා තරගාවලි චක්‍රයට ඇතුළත් වේ. ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම දෙසැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත [...]
