රාත්‍රී ආහාරයෙන් පසු කොමඩු අනුභව කළ ඉන්දියාවේ එක ම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
මුම්බායිහි ජීවත් වූ සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් යුතු පවුලක සියලු දෙනා පාචනය සහ වමනය හේතුවෙන් මියගොස් තිබේ. ඔවුන් රාත්‍රී ආහාරයෙන් අනතුරුව කොමඩු ආහාරයට ගෙන ඇති අතර මෙම පිරිස ආහාර විෂවීමක් හේතුවෙන් මියයන්නට ඇතැයි ප්‍රදේශයේ වෛද්‍යවරුන් සැක පළ කර තිබේ.
