සුළි කුණාටුවක අවදානමක් නැහැ - අද දිනයේ උපරිම වර්ෂාපතනයක්
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, සුළි කුණාටුවක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක පවසනවා. කෙසේ ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම මත අද (09) දිනයේ දී දිවයින තුළ උපරිම වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවයි අද (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. [...]
